ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන බව දැනුම් දෙනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් බී.එම්.ඩී. නිලුෂා බාලසුරිය විසින් ඒ බව සඳහන් කරයි.
පැය 24 සේවය සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනකම පෙරවරු 6 සිට සිකුරාදා මධ්‍යහ්න 12 වන තෙක් පමණක් සිදු කළ හැකි වනවා.

