ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියළු ප්රවේශ පත්ර ලාභීන් ලංගම බස් රථවල ප්රවාහනය කළ යුතු බව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර ප්රවේශපත් මිලදී ගත් පාසැල් සිසුන්, කාර්මික විද්යාල, විශ්ව විද්යාල හා වැඩිහිටි පුද්ගලයින් ලංගම බස්රථවල ප්රවාහනය කිරීම අනිවාර්ය කර තිබෙනවා.
යම්කිසි බස් සේවක කණ්ඩායමක් විසින් මෙම වාර ප්රවේශ පත්ර ලාභීන් රැගෙන යාම ප්රතික්ෂේප කිරීම මණ්ඩලීය පිළිවෙත් කඩකිරීමක් බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ.
යම් කිසි බස් සේවක කණ්ඩාමක් ප්රවේශ පත්ර ලාභීන් ප්රවාහනය කිරීම ප්රතික්ෂේප කළහොත් ඔවුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්රියාමාර්ග ගැනීමටයි තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් යම් අපහසුතාවයකට පත්වන වාර ප්රවේශ පත්ර ලාභීන්ට ඒ සම්බන්ධයෙන් 1958 කෙටි දුරකථන අංකයට හරහා පැමිණිලි කළ හැකි වනවා.

