දිවයිනේ වායු තත්ව දර්ශකයේ අහිතකර තත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කරනවා.
ඊයේ දිනයේ දී ද මෙම තත්වයේ වර්ධනයක් දක්නට ලැබුණු බවයි එම සංවිධානයේ පරිසර අධ්‍යාපන දැනුවත්කිරීමේ අධ්යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පැවසුවේ.
මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස උපදෙස් ලබා දෙනවා.

