ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක

ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (19) දිනයේත් “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ උතුරු , උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල එලෙස උණුසුම ඉහළ යා හැකි බවය.

මේ හේතුවෙන් වැඩබිම් තුළ රැදී සිටින්නේ නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබදව සැලකිලිමත් විය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දෙනවා.

එමෙන්ම, වාහන තුළ කුඩා ළමයින් තනිවම රදවා නොයන ලෙස ද ඔවුන් දැනුම් දෙනවා.