රත්නපුර හා ඇඹිලිපිටියේ වායු ගුණත්වය පහළට

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ත මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා.

කෙසේවෙතත් රත්නපුර හා ඇඹිලිපිටිය යන නගරවල සුළු වශයෙන් අහිතකර මට්ටමක ද පැවතිය හැකි යැයි බලාපොරොත්තු වන බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.

මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස ඉල්ලා සිටිනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත්කළ අදාළ නිවේදය පහතින්,