පාන් ගෙඩියක් රුපියල් දහයකින් අඩු වෙයි

තිරිඟු පිටි මිල අඩු කිරීමට ගත් තීරණයත් සමඟ පාන් ගෙඩියක මිල ද රුපියල් 10කින් අඩු කරන බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කරනවා.

එසේම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාවය පළ කර ඇති බවයි වෙළඳ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.