ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 09ට ආසන්න වී තිබේ.
මේ වන විට ලොව පුරා කොවිඩ් මරණ 896,407ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ගත වු පැය 24 තුළ ලොව පුරා රටවලින් කොවිඩ්-19 මරණ 3,694ක් සිදුව තිබේ.
කොවිඩ් මරණ වාර්තාවන රටවල් අතුරෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 193,524කි.
ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1129ක් වේ.

