පසුගිය කාලය තුළ වාර්තා වූ ඇතැම් අපරාධ අනුව තවදුරටත් නීති විරෝධී ගිනි අවි සහ අත් බෝම්බ දිවයින තුළ සංසරණය වන බවට පෙනී ගොස් ඇතිබව පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා.
මේ හේතුවන් ඒවා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ට සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරිගැන්වීමට පොලිසිය විසින් මුදල් ත්‍යාග පිරිනැමීමට සූදානම් වනවා.
මෙහි මූලික පියවර වශයෙන් මෙම ත්‍යාග මුදල් ගෙවීම 2020.12.31 දක්වා සිදුකිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර එම කාලය නැවත දීර්ඝ කිරීම ඉදිරියට තීරණය කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව පහත පරිදි සාර්ථක වැටලීම් සඳහා වන පොලිස් නිලධාරීන්ට සහ පුද්ගලික ඔත්තුකරුවන්ට ත්‍යාග මුදල් පිරිනැමීමට පොලිස් දෙපාර්තමේන්තුව සූදානම් වනවා.


