විශ්‍රාම වැටුප අදියර තුනකින් වැඩි කිරීමේ යෝජනාවක්

විශ්‍රාම වැටුප මේ වන විටත් රුපියල් 3,000කින් වැඩි කර ඇති බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රකාශ කළා. 

නමුත් 2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන් එකම වැටුප් පරිමාණයක සිටින බැවින් 2016 /2020 දක්වා විශ්‍රාම ගිය රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප පමණක් සංශෝධනය කිරීම තුළින් වැටුප් විශමතා ඇති වන බව නිරීක්ෂණය කර ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව 2020.01.01 දිනට පෙර විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛනයේ 3/2016 අනුව 2020 වසරට අදාළ වැටුප් පරිමාණයන්ට අනුරූප අදියර තුනකින් සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙනවා.