පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ක්‍රියා කලාපය සමීපව අධික්ෂණය කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසනවා.
තමන් රාජකාරි කරන පොලිස් බල ප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම , වෙඩි තැබීම් හා සංවිධානාත්මක අපරාධ ක්‍රියා පාලනය පොලිස් ස්ථානාධිපතිවරුන්ට පැවරෙන ප්රමුඛ රාජකාරිය බවයි අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ.
එම වගකීම් නිසි පරිදි ඉටු කරන්නේ දැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් මාසිකව සමාලෝචනය කිරීමට නියමිතව තිබෙනවා.
ප්‍රජාව සමග සුහදතාව වර්ධනය කර ගැනීම මෙන්ම පොලිස් බල ප්‍රදේශයේ සාමය පවත්වා ගෙන යෑමට කැපවීම ස්ථානාධිපතිවරුන් විසින් සිදු කළ යුතු කාර්ය අතර වේ.
යම් පොලිස් ස්ථානාධිපතිවරයෙකු එම වගකීම්වලට අනුගත නොවී සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පවත්වන්නේ නම්, ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබුවා.

