2025 මූල්‍ය වර්ෂය සදහා වන රජයේ අයවැය හෙට (17) පෙරවරු 10.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ හේතුවෙන් හෙට දිනයේ දී පාර්ලිමේන්තුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.
මෙවර අයවැය විවාදය ලබන 18 වනදා අගහරුවාදා සිටි මාර්තු 21 දක්වා දින 26ක් පැවැත්වෙනවා.
අයවැය දෙවන වර කියවීමේ විවාදය ලබන 18 වනදා සිටි 25 වනදා දක්වාත් කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 27 වනදා සිට මාර්තු 21 වනදා දක්වාත් පැවැත්වෙනු ඇති.
තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පස්වරු 6ට පැවැත්වෙනවා.

