E-Passport හෙවත් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ඊට අදාළව අධිකරණය මගින් පනවා තිබු වාරණ නියෝගය මේ වනවිට ඉවත් කර ඇති බැවින් එම ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමට බාධාවක් නොමැති බවයි නියෝජ්‍ය අමාත්‍ය නිතීඥ සුනිල් වටගල මහතා සඳහන් කළේ.
ඒ අනුව, E-විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු තවත් මාස 8කින් පමණ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඊට අදාළ සමාගම් සමග ගිවිසුම් ගතවීමද මේ වනවිට සිදුව ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ වනවිට විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක වනවා.

