දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත පුද්ගලයින්ට විජලන තත්වයන් ඇති විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා අවධරණය කරනවා.
මෙම තත්වය අවම කර ගැනීම සදහා වැඩිපුර ජලය හෝ ස්වභාවික දියර වර්ග පානය කරන ලෙසටයි ඔහු උපදෙස් ලබා දෙන්නේ.
මේ අතර, පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීමේදී පාසල් බලධාරීන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ.
මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයේ තවත් වැඩිවීමක් මාර්තු සහ අප්‍රේල් මාසයේදී අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

