John F. Kennedy ඝාතනයේ රහස් ලේඛන 2,400ක් එළියට

හිටපු ඇමරිකානු ජනපති John F. Kennedy ඝාතන නඩු ගොනුවට අදාළව කලින් හඳුනා නොගත් නව වාර්තා 2400ක් පමණ ලැබුණු බවට අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සඳහන් කරනවා .

1963 වෙඩි තැබීම පිළිබඳ රහසිගත බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ලිපිගොනු නිකුත් කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා සිටීමෙන් පසුවයි මෙම නව ලිපිගොනු සොයා ගෙන ඇත්තේ.

පසුගිය සතියේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය ට්‍රම්ප් වෙත ඝාතනය සම්බන්ධයෙන් මහජනතාවට නිකුත් කළ යුතු රහසිගත ලේඛන පිළිබඳව නිර්දේශ ද යවා ඇති බවයි Reuters පුවත් සේවය වාර්තා කරන්නේ.

එක්සත් ජනපදයේ 35 වන ජනාධිපතිවරයා වන John F. Kennedy මහ මගදී ඝාතනය කෙරනු අතර එහි වැරදිකරුවා ලෙස නම් කර ඇත්තේ Lee Harvey Oswald වනවා .

කෙසේවෙතත් මෙම ඝාතනය පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇති බවට බොහෝ දෙනා සැක පළ කරන අතර ට්‍රම්ප් සිය මැතිවරණ වේදිකාවේ පොරොන්දු වූයේ මේ සම්බන්ධයෙන් නැවත විමර්ශන ආරම්භ කරන බවයි.