ඇමරිකාවට යළිත් TikTok යෙදවුම Download කර ගැනීමේ පහසුකම

ඇමරිකාවේ, TikTok යෙදවුම යළිත් Apple appstore සහ Google Playstore හරහා බාගත කර ගත හැකැයි වාර්තා වෙනවා.

ඇමරිකානු පරිශීලකයින් මිලියන 170 කට වැඩි පිරිසක් භාවිතා කරන මෙම ජනප්‍රිය යෙදුම පසුගිය මාසයේ පරිශීලනය තහනම් කරනු ලැබුවා.

කෙසේවෙතත් මේ වන විට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් TikTok යෙදවුම තහනම් කිරීම අප්‍රේල් 5 වන දින දක්වා කල් දමා තිබීම හේතුවෙනුයි මෙලෙස එය නැවතත් බාගත කිරීමේ පහසුකම ලබා දී ඇත්තේ.