කොටස් වෙළෙඳපොළේ අදත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (14) ඒකක 358.47කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසන් වන විට එය සටහන් වූයේ ඒකක 16,936.69ක් ලෙසටයි.

අද දිනය අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 4.9ක් වනවා.