ආදරවන්තයොත් නොදන්නා ආදරවන්තයන්ගේ දිනයේ ඉතිහාසය

අද පෙබරවාරි 14, ඒ කියන්නේ වැලන්ටයින් දවස – පෙම්වතුන්ගේ දවස.

ඉතින් අද දවසේ තමන් ආදරේ කරන අයට මල් , තෑගී එහෙම ලබා දෙමින් හරි ලස්සනට ආදරය සමරනවා.

කොහොම වුණත් මේ වැලන්ටයින් දවසේ ඉතිහාස කතාව නම් දන්නේ බොහොම පොඩි පිරිසයි.

මේකේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ අතීත රෝමය දක්වා දිව යනවා. ඒ කාලේ රෝම මිනිසුන් පෙබරවාරි 13 සහ 15 වනදා අතර Lupercalia නමින් උත්සවයක් සමරලා තියෙනවා. සශ්‍රිකත්වය සඳහා තමයි මේ උත්සවය එයාලා සමරලා තියෙන්නේ.

කොහොම වුණත් මේ උත්සවයේ නම් ආදරණිය බවක් කොහෙත්ම තිබිලා නැහැ. මේ දවසේ සශ්‍රිකත්වයේ දෙවියන් උදෙසා සත්ත්වයින් කැපකිරීම උදෙසා බිලිදීම සිදු වූ අතර, ඔවුන්ගේ ලොම් ගෙන ඒවායින් කාන්තාවන්ට පහර දීම සිදු වුණා. මෙමගින් ඔවුන්ගේ සරු භාවය වැඩිදියුණු වෙතැයි අතීත රෝමවරු විශ්වාස කළා. මීට අමතරව ‘ලොතරැයි ක්‍රමයකට’ කාන්තාවන්ට පුරුෂයන් පෑහීම ද එහිදී සිදු කොට තිබෙනවා. මෙහිදී බොහෝ සත්ත්වයන් පිරිසක් බිලිදීම සිදු කෙරුණු අතර එය ඉතා අමානුෂික අන්දමින් පැවති උත්සවයක් වන්නට ඇති බැවයි බහුතර විද්වත් මතය වන්නේ.

වැලන්ටයින් කියන මේ නම ඇවිත් තියෙන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ තීරුස් වල ජීවත් වුණු වැලන්ටයින් නම් ක්‍රිස්තියානි පූජකයෙක් නිසා .

එවකට රෝමය පාලනය කළ ක්ලෝඩියස් අධිරාජ්‍යයා විසින් සාමාන්‍ය පුද්ගලයින්ට විවාහ වීම තහනම් කරනු ලැබුවා, කොහොම වුණත් මේ පූජකයා විසින් රහසිගතව විවාහ උත්සව පවත්වාගෙන ගිහින් තියෙනවා . පසුව ඔහුට මේ නිසා මරණ දඬුවම පවා ලැබී තියෙනවා. ඔහුව එලෙස මරා දමා තිබෙන්නේ පෙබවාරි 14 වැනිදා දවසක කියලා තමයි සඳහන් වෙන්නේ.

එහිදී මියයෑමට පෙර ඔහු තමාගේ ආදරවන්තිය වෙත පෙම් හසුනක් පවා ලියා තිබූ අතර එය අවසන් කොට තිබුණේ “ඔබේ වැලන්ටයින් වෙතින්” යනුවෙන්.

ඉතින් ආදරය වෙනුවෙන් ඒ වගේ කැපකිරීමක් කළ ඔහු වෙනුවෙන් තමයි අද දවස වැලන්ටයින් දවස ලෙස නම් වෙලා තියෙන්නේ.

ඒ වගේම තමයි  පිළිවෙතක් ලෙස පුරුෂයන් තමන් ආදරය කරන කාන්තාවට මල් ලබා දෙන්නට පටන්ගෙන ඇත්තේ වික්ටෝරියානු යුගයේ දී යි. ඒ කාලයේ නම් මේ රෝස මල් කියන්නේ මිලෙන් ඉතා අධික දෙයක් වෙලා තියෙනවා.

අදටත් පෙම්වතුන් අතර ආදරය ප්‍රකාශ කරන්න රතු රෝස මල් හුවමාරු වෙනවා. රතු රෝස මල කියන්නේ ආදරයේ සංකේතයක් වගේ දෙයක්.

අද වෙනකොට නම් වැලන්ටයින් දවස කියන්නේ ගොඩක් වාණිජ දෙයක් බවට පත් වෙලා. සැබෑ ආදරය වෙනුවෙන් නොව මුදල් සහ කාමය වෙනුවෙන් වෙන් කෙරුණු දවසක් වෙලා අද දවස.

මතක තියා ගන්න , ආදරේ සමරන්න ආදරේ කරන්න විශේෂ දවසක් ඕනි නැහැ. හැමදාම ආදරෙන් ඉන්න !