පාලන මිලට සහල් අලෙවි නොකළොත් වැඩ වරදී

සහල් සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් පාලන මිලටම වෙළෙඳපොළේ සහල් අලෙවි කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

එහි සභාපති හේමන්ත සමරකෝන් කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කලහොත් නීතිමය පියවර ගන්නා බවයි.

මේ අතර ඉදිරියේදී රට තුළ ඇතිවිය හැකි සහල් අර්බුදයක් සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් සිය අස්වැන්නෙන් කොටසක් හෝ රජයට ලබාදීමට ඇතැම් ගොවි සංවිධාන තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.