ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක් සඳහා මුදල් යෙදවීම අත්හිටුවා ඇති බව ඇමෙරිකා රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ඇතුළු තවත් ව්‍යාපෘතියක් මෙලෙස අත්හිටුවා ඇති බවයි ඇමරිකානු මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ.
ඒ අනුව ලොව පුරා එවැනි ව්‍යාපෘතීන් 199ක් පමණ මේවනවිට අත්හිටුවීමට කටුයතු කර ඇති බවයි එරට රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ (DOGE) ප්‍රධානියා වන ටෙස්ලා විධායක නිලධාරී ඉලොන් මස්ක් සිය X ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ.

