පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු කිරීම් සිදු කර තිබෙනවා.

මෙම ස්ථාන මාරුවීම් හෙට(13) සිට සිට සහ 18 වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ස්ථානාධිපතිවරුන් රැසක්ම මෙම ස්ථාන මාරුවීම් අනුව සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා තිබෙනවා.

එසේම ස්ථාන මාරු කිරීම් අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් 53ක් සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා තිබීම ද විශේෂත්වයකි.

නව පත් කිරීම් 50 ක් ද ස්ථාන මාරු කිරීම් අතර වේ.