පොදු ප්රවාහනය සඳහා විද්යුත් ගෙවීම් ක්රමයක් හඳුන්වා දීමට සැලසුම් කරන බව ශ්රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
මුදල් භාවිතය අවම කර, මගීන්ට පහසුවක් සැලසීම මෙහි අරමුණ වනවා.
බැංකු කාඩ්පත් මගින් ද, ඊට අදාළ ගෙවීම් කළ හැකි බවයි කොමිෂන් සභාව පවසන්නේ.
ඒ අනුව ඉදිරියේදී සෑම බස් රථයකටම විද්යුත් ගෙවීම් උපකරණ ලබාදීමට නියමිත අතර ඊට අදාල සැලසුම මේ වන විට සකස් කර ඇති බව ද සඳහන්.

