වී මිලදි ගැනීම සදහා වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 36 ක් මේවන විට සුදානම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.
අනුරාධපුරයේ අද (08) පැවති වැඩසටහනකට එක්වු අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
එසේම සතොසට අයත් ගබඩා 06 ක් ද හෙට දිනයේ විවෘත කිරීමට නියමිතයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ වී සඳහා ලබා දිය හැකි හොඳම සහතික මිල රජය ප්‍රකාශ කර ඇති බවයි.
කෙසේ වෙතත්, රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති වී සහතික මිල යටතේ වී අලෙවි මණ්ඩලය වෙත වී ලබා නොදෙන බව ගොවින් අදත් සඳහන් කළා.

