ඉදිරියේදී මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ටද ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමට සැලසුම් කරන බව ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය පවසනවා.
අද (08) කොළඹදී පැවැති බිම්ස්ටෙක් ඩිජිටල් සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ .
මෙම ඩිජිටල් හැඳුනුම්පත් හරහා සංචාරකයන්ට වඩාත් පහසු සේවාවන් ලබා ගැනීමට හැකිවන බව ඔහු පෙන්වා දෙනවා.
මෙවර කොළඹදී පැවැති බිම්ස්ටෙක් ඩිජිටල් සමුළුවේ සමාරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
‘සැමට සමෘද්ධිය සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් ගොඩනැගීම’ යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වුනා.

