සේවක අර්ථසාධක අරමුදල යටතේ නව සාමාජිකයන් ලියාපදිංචිය සම්බන්ධයෙන් කම්කරු කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඍජුවම සේවකයන් කම්කරු දෙපාර්තමේන්තුව වෙත යොමු නොකොට එක් එක් ආයතන මට්මින් A හා H පත්‍රිකා අදාළ කම්කරු කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙසයි එහි සඳහන් කර ඇත්තේ.
2025 ජනවාරි 27 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙය ක්‍රියාත්මක වනවා.
සේවකයෙකු සේවයට බැඳුණු දින සිට දින 30 ක කාලසීමාවක් තුළ දී එම සේවකයා සේවක අර්ථසාධක අරමුදල යටතේ ලියාපදිංචිය අනිවාර්යය කිරීම සඳහා 2021.10.12 දිනැති නියෝග මඟින් නව නීතිමය විධිවිධාන හඳුන්වා දී තිබේ.
ඒ අනුව 2024 ඔක්තෝම්බර් මස සිට සාමාජික ලියාපදිංචියට අදාළ නව ක්‍රමවේදය යටතේ සේවකයෙකු ලියාපදිංචි කිරීම දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාල මඟින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබූ අතර සියලුම කම්කරු කාර්යාලයන්හි එම තොරතුරු පද්ධතිය ස්ථාපිත කිරීම 2024 දෙසැම්බර් මස සම්පූර්ණ කරන ලදී.
සේවක අර්ථසාධක අරමුදල යටතේ සේවකයෙකු බඳවා ගෙන ප්‍රථම මාසය තුළදී ම සේවකයා ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමත් සමඟ එතෙක් සේවකයන් ලියාපදිංචි කර නොතිබූ ආයතන මඟින් සේවකයන් විශාල සංඛ්‍යාවකගේ ලියාපදිංචියට අදාළ ඉල්ලීම් කම්කරු කාර්යාලයන් වෙත ඉදිරිපත් වීම සිදුවිය.
ඉහත තත්වය සැලකිල්ලට ගෙන ජනවාරි 27 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැක්වෙන කම්කරු කාර්යාල බල ප්‍රදේශවල පිහිටි ආයතන මඟින් නව ලියාපදිංචියට අදාළව අයදුම්පත් භාරගැනීම එක් එක් ආයතන මඟින් පමණක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, සේවකයන් තනි තනි වශයෙන් කාර්යාල වෙත පැමිණීම වෙනුවට කම්කරු දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙනු ලබන නියමිත දිනයක දී හා නියමිත වේලාවක දී අදාළ සේවකයා නියමිත කම්කරු කාර්යාලය වෙත යොමු කිරීම සිදු කරන මෙන් ඉල්ලා සිටී.
1. උතුරු කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ( කොළඹ 11, 12, 13, 14, 15 ප්‍රදේශ සහ කැලණිය සහ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ)
2. මැද කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ( කොළඹ 07, 08, 09, 10 ප්‍රදේශ සහ කොලොන්නාව සහ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ)
3. නැගෙනහිර කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ( කොළඹ 03, 04, 05 ප්‍රදේශ සහ කඩුවෙල සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ)
4. බටහිර කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ( කොළඹ 06 ප්‍රදේශය සහ දෙහිවල සහ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ)
5. දකුණු කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ( කොළඹ 01, 02 ප්‍රදේශ සහ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශය)
මේ අනුව නැවත දැනුම් දෙන තුරු සේවකයන් ඍජුවම කම්කරු කාර්යාල වෙත යොමු නොකිරීමට කටයුතු කරන ලෙසත් අදාළ ආයතන මඟින් පමණක් A හා H පත්‍රිකා අදාළ කම්කරු කාර්යාල වෙත භාරදීමට කටයුතු කරන ලෙසත් වැඩිදුරටත් දැනුම් දෙනවා.
අදාළ නිවේදනය පහතින් ,


