රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ‘GovPay’ නමින් හැඳින්වෙන ගෙවීම් පහසුකම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) එළිදැක්වූවා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය හෙවත් ICTA ආයතනය සහ ලංකා පේ (Lanka Pay) සමාගම ඒකාබද්ධව මෙම ‘GovPay’ වැඩසටහන දියත් කරනු ලබනවා .
මේ යටතේ පළමු පියවර ලෙසින් ප්‍රධාන රාජ්‍ය ආයතනය 16ක මහජන සේවා ලබාගැනීමේදී අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් සිදුකිරීමට ජනතාවට අවස්ථාව අද සිට උදා වේ.
එම ආයතන අතරට ගම්පහ නගර සභාව, යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රඹුක්කන ප්‍රාදේශීය සභාව, රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ද අයත් වනවා.
තවද වරාය අධිකාරිය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික පිළිකා ආයතනය අපේක්ෂා සංවර්ධන කමිටුව, පරමාණුක බලශක්ති අධිකාරිය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, තාක්ෂණික අධ්‍යාපනය සහ පුහුණු දෙපාර්තමේන්තු යන ආයතන ද GovPay’ වැඩසටහනට ඇතුළත්කර ඇත.

