අවුරුදු 65 ට අඩු විශ්‍රාමික රියැදුරන් හා කොන්දොස්තරවරුන් යළි සේවයට බඳවා ගැනීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
සේවක හිඟයට පිළියමක් ලෙස මෙම තීරණයට එළැඹී බවයි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ.
ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඉල්ලා ඇති බව ද ඔහු සඳහන් කළා.
කොන්දොස්තර හා රියැදුරු පුරප්පාඩු හේතුවෙන් ලංගම සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට බාධා මතුව ඇති බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

