අතරමඟ නතර වුණු විශ්වවිද්‍යාල ඉදිකිරීම් යළිත් ඇරඹෙයි

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සබරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවතා ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා

කොවිඩ් වසංගතය සහ ඉන් අනතුරුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් මූලික වියදම් සිදු කර දැනට අතරමග නවතා ඇති ව්‍යාපෘති සම්පුර්ණ කර දීමට කටයුතු කරන ලෙස මොරටුව, පේදෙණිය, බෞද්ධ හා පාලි, සබරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වලින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුනා.

ඒ අනුව, ප්‍රමුඛතා පදනම මත ක්‍රියාත්මක කළ යුතු බවට හඳුනාගනු ලබන නේවාසික පහසුකම්, ආපනශාලා වැනි අනෙකුත් පොදු පහසුකම් 2025 වර්ෂය තුළ දී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් නිම කිරීමටයි තීරණය වී ඇත්තේ.

එසේම ඉතිරි වැඩ විෂයයන්, ඒවායේ විෂය පථයන් අවශතා මත පදනම්ව නැවත සංශෝධනය කර 2026 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන අග්‍රාමාත්‍යවරිය විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා .