ආනයනික ලුණු අද සිට වෙළෙඳපොළට

ආනයනික ලුණු තොග අද (06) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසනවා.

ඒ අනුව වෙළෙඳපොළ තුළ පවතින ලුණු මිල ගණන් ද යම් වැඩිවීමක් සිදුවනු ඇති බවයි එහි සභාපති ඩී.නන්දන තිලක මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම ලුණු මිල ඉහළ දැමීම තාවකාලිකව සිදුකර ඇති අතර එය එළැඹෙන මාර්තු මාසයෙන් පසු යළි පැවතී මිලටම ගෙනඒමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙරට ලුණු නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් ඉන්දියාවේ සිට මෙරටට ලුණු ආනයනය කිරිමට රජය තීරණය කරනු ලැබුවා.