සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරික්ෂාවට අයදුම්පත් කැඳවයි

2024/ 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවා තිබෙනවා .

ඒ අනුව එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් යොමු කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව ඊයේ (31) දින සිට එළැඹෙන මාර්තු මස 13 වැනි දින දක්වා අදාළ අයදුම්පත් යොමු කළ හැකි වනවා .