ඉදිරි මැතිවරණ වල දී එජාපය සහ සජබය එක්ව තරඟ කරන්නට යයි

ඉදිරි මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්ධුමබණ්ඩාර පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගේ ගම්පහ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් එම පක්ෂ දෙක අතර මේ වන විට සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා.

පක්ෂ මහලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ රාත්‍රීයේ ද පැවැත්වුනේ එහි තවත් එක් සාකච්ඡාවක්.