පසුගිය වසරේ ලාදුරු රෝගීන් 1,500ක්

පසුගිය වසරේ මෙරටින් ලාදුරු රෝගීන් 1500 ක් පමණ සොයා ගත් බව ලාදුරු මර්දන ජාතික ව්‍යපාරය පවසනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත මහත්මිය සඳහන් කළේ වැඩිම ලාදුරු රෝගීන්ගේ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි.

එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ සමස්ත රෝගීන්ගෙන්  40% ක් වනවා.

ලාදුරු මර්දන මාසය මේ වනවිට ක්‍රියාත්මක කර ඇති අතර ඒ හරහා රෝගීන් හඳුනා ගැනීම වැඩි කර ඇති බවද ඇය සඳහන් කළා .