එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ට්‍රම්ප් අවධාරණය කරන්නේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කෝවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය අර්බුද වැරදි ලෙස හසුරවා ඇති බවය.
මෙම පියවර හේතුවෙන් එක්සත් ජනපදය මාස 12කින් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන අතර එහි කටයුතු සඳහා වන සියලුම මූල්‍ය දායකත්වයන්ද නවතා දැමනු ඇත.
එක්සත් ජනපදය යනු ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාලතම මූල්‍ය ආධාරකරුවා වන අතර එහි සමස්ත අරමුදල්වලින් 18%ක් එක්සත් ජනපදය විසින් දරනු ඇත.
ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය ආරම්භ කළ අතර පසුව ජනපති ලෙස පත් වූ බයිඩන් සිය ධුරයේ පළමු දිනයේදීම එම තීරණය අවලංගු කෙරිණි.
කෙසේවෙතත් ට්‍රම්ප් දෙවෙනි වර ජනාධිපති ලෙස දිව්රුම් දුන් වූ මුල් දිනයේම යළිත් එම තීරණය ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කර ඇත්තේ

