සජබය සමඟ සාකච්ඡා පවත්වන්න එජාපය සූදානම්

සන්ධනාගත වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සමග සාකච්ඡා පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ පස්වරුවේ , පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.