අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්රී වසා දැමුණු මහනුවර – මහියංගණය මාර්ගය යළි විවෘත කර තිබෙනවා.
පස්කදු සහ ගල්කඩා වැටීමේ අවදානමක් හේතුවෙන් මහනුවර – මහියංගණය ප්රධාන මාර්ගය ඊයේ පස්වරු 6 සිට මහනුවර, තැන්නෙකුඹුර හන්දියෙන් සහ හසලක, පාලම හන්දියෙන් වසා තැබීමට පියවර ගනු ලැබීය.

