අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 20,300 දෙනෙක් පීඩාවට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල වී තිබෙනවා.

පවුල් 6785කට අයත් පුද්ගලයින්  20,300 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ආපදාවෙන් මියයෑම් 2ක් සිදුව ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා තිබෙනවා.