ඕමාන්හි සිට පැමිණි දෙදෙනෙකුට කොරෝනා

තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

ඕමාන්හි සිට පැමිණි දෙදෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2895 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අද (17) දිනයේ ද රෝහල්ගතව සිටි 6 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 2676ක් ලෙසයි.

රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 208කි.