දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කර ඇති බව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය.
කෙසේවෙතත් ඒ මහතා පවසා සිටියේ, උතුර, උතුරුමැද, ඌව පළාත්වල විදුලිබල සැපයුම තවමත් යථා තත්ත්වයට පත් කර නොමැති බවය.
කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළේ විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිවල හටගත් දෝෂයක් හේතුවෙන් දිවයින පුරා සමස්ථ විදුලි පද්ධතිය බිඳවැටීම සිදුව වූ අතර එය යථා තත්ත්වයට පත් කිරීමට අදියර කිහිපයක් යටතේ සිදුකරන බව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

