විල්පත්තු ජාතික වනෝද්‍යානයට ඇතුළු වන එළුවන්කුලම පිවිසුම නැවත දැනුම් දෙන තුරු දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා වසා දමා ඇතැයි වාර්තා වෙනවා.
ඒ පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාව සහ කලා ඔය පිටාර ගැලීම හේතුවෙනුයි.
රාජාංගණය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලා ඔය හරහා ගලා යන ජලය ඝන අඩි 6,000 ක් පමණ විල්පත්තු ජාතික වනෝද්‍යානයට ඇතුළු වන එළුවන්කුලම-කලා ඔය සපත්තු පාලම හරහා ගලා ගොස් ඇති අතර එමඟින් එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත.
ඒ අනුව, විල්පත්තු ජාතික වනෝද්‍යානයට ඇතුළු වන එළුවන්කුලම පිවිසුම නැවත දැනුම් දෙන තුරු වසා තබන බවයි වනෝද්‍යානය භාර වනජීවී ඒකකය පවසන්නේ

