පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් අද (17) නියම කර තිබෙනවා.
එසේම ඔහු බිරිඳ වන බුෂ්රා බිබිට වසර හතක සිර දඬුවමක් නියම කර තිබෙනවා .
ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින අල්-කදීර් විශ්ව විද්‍යාල ව්‍යාපෘති භාරය සම්බන්ධ ඉඩම් දූෂණ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ලබා දී තිබේ.
මෙය ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින බරපතළම චෝදනාව වන බවයි සඳහන් වෙන්නේ.
එසේම පකිස්ථාන රුපියල් මිලියනයක (ඩොලර් 3,500) දඩයක් ද නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේ පාකිස්තානය මුහුණ දුන් මූල්‍යම කඩා වැටීම ඇතුළු චෝදනා කිහිපයක් වෙනුවෙන් ඔහු 2023 වසරේ අගෝස්තු මාසයේ සිට මේ වනවිට සිරගතව සිටියි.

