ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 20%ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇත.
එහිදී 0-30ත් අතර පැවැති ගෘහස්ථ කාණ්ඩය යටතේ පැවැති ඒකක ගාස්තුව රුපියල් 6 සිට 4 දක්වාත් 31-60ත් අතර පැවැති ඒකක ගාස්තුව රුපියල් 9 සිට 6ක් දක්වාත් අඩු කර තිබෙනවා.
ගෘහස්ත අංශය සදහා සියයට 20 කින් විදුලි ගාස්තු අඩු වන අතර ආගමික සිද්ධස්ථාන හා පුණ්‍යාතන සදහා සියයට 21%කින් විදුලි ගාස්තු අඩු කර තිබේ.
හෝටල් සදහා 31%කින් ද කර්මාන්ත කාණ්ඩය සදහා 30%කින්ද විදුලි ගාස්තු අඩු කර ඇති අතර පොදුකාර්ය කාණ්ඩය සදහා විදුලි ගාස්තු 12%කින් අඩුකර ඇත.
රාජ්‍ය ආයතන සදහා 11%කින්ද වීථි ලාම්පු සදහා 11% කින්ද ගාස්තු අඩු කිරීමටද පියවර ගෙන තිබේ.
එම සංශෝධිත මිල ගණන් පහතින්,


