විශේෂ බස් සේවා අද සහ හෙටත්

දීර්ඝ සති අන්ත නිවාඩුවක් යෙදී තිබෙන අද දිනයේත් විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා

එසේම ගම්බිම් බලා ගිය පිරිස් සඳහා යළි කොළඹට පැමිණීමට හෙට සිට බස් ධාවනය කිරීමට නියමිතයි.

මේ අතර ශ්‍රී පාදය වන්දනාවට යන බැතිමතුන්ගේ පහසුව සඳහා හැටන් දක්වා අතිරේක බස් රථ යොදවා ඇති බව සඳහන්.