සංචාරක අමාත්‍යාංශය විසින් ඓතිහාසික සීගිරි පර්වත බලකොටුව සඳ එළිය ඇති රාත්‍රීන්හි සංචාරකයින් සඳහා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
පුර පසළොස්වක පොහොය දිනය ඉලක්ක කර ගනිමින් මසකට දින පහක් ‘සඳෙහි සීගිරිය’ නමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත.
ඒ අනුව, සංචාරකයින්ට පුර පසළොස්වක පොහොය දිනට දින දෙකකට පෙර, පුර පසළොස්වක පොහොය දිනයේදී සහ දින දෙකකට පසු සීගිරියේ රාත්‍රී චාරිකා සඳහා හිමිකම් ලැබේ.
සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.
මේ අතර පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තවත් ස්ථාන කිහිපයක් රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට රජයේ අවධානය යොමු ව ඇතැයි වාර්තා වෙනවා.

