ටිබෙටයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 53 දෙනෙකු මිය ගොස් තිබෙනවා .
නිල Xinhua පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ තවත් පුද්ගලයින් 62 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
සුන්බුන් අතර සිටින පුද්ගලයින් සෙවීම සඳහා ගිනි නිවන සහ ගලවා ගැනීමේ සේවකයින් 1500 ක් පමණ යොදවා තිබෙනවා .
භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.1ක් ලෙස සටහන් වූ මෙම භූ කම්පනය කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් හට ගෙන ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ.

