මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් යන අයවරුන් එහි සාමාජිකයන් ලෙස නම් කර තිබෙනවා.
නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරයේ අද කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ආරම්භ වුණු අතර එහිදි කථානායකවරයා විසින් මෙම පත් කිරීම් පිළිබඳ නිවේදනය සිදුකරනු ලැබීය.
මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මින් පෙර පත් කෙරිණි.

