ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තාවට ඇතුළත් වූ Tomiko Itooka නම් ජපන් ජාතික කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
ඇය මිය යන විට වයස අවුරුදු 116ක් වූ බවයි වාර්තා වන්නේ .
Hyogo ප්‍රාන්තයේ Ashiya නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක දී ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
ස්පාඤ්ඤයේ Maria Branyas Morera, පසුගිය අගෝස්තු මාසයේදී, වයස අවුරුදු 117 දී අභාවප්‍රාප්ත වීමෙන් පසු ඇය ලොව වයස්ගතම පුද්ගලයා බවට පත්වුණා.

