ආනයනික සහල් මෙට්‍රික් ටොන් 88,000ක් නිශ්කාෂණය කරයි

මෙරටට ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 88,000ක් මේ වන විට නිශ්කාෂණය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව නිවේදනය කරනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සදහන් කළේ, කැකුලු සහල් මෙට්‍රික් ටොන් 34,000ක් සහ තැම්බූ සහල් මෙට්‍රික් ටොන් 54,000ක් ඒ අතර වන බවයි.

එසේම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ගෙන්වූ සහල් මෙට්‍රික් ටොන් 780 ක්ද නිශ්කාෂණය කර තිබෙනවා.