වෛරසය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගන්න එපා

පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බව චීනයේ සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, ශීත දේශගුණික තත්ත්වයත් සමඟ මෙවැනි වෛරස පැතිරීම, සාමාන්‍ය දෙයක් බවයි.

කෙසේවෙතත් රටවල් රැසක් සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ චීනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.

මේ සම්බන්ධයෙන් චීන රජය ප්‍රකාශ කර ඇත්තේ සිය රටට පැමිණෙන විදේශිකයන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබදව සහතිකයක් දීමට හැකි අතර චීනයේ සංචාරය කිරීමේ අවදානමක් නොමැති බවයි.