දහවෙනිදායින් පසු සහල් ගෙන්නුවොත් හරවා යවනවා

ලබන 10 වැනිදායින් පසුව සහල් ආනයනයට ලබාදී තිබූ නිදහස යටතේ කිසියම් ව්‍යාපාරිකයෙකු සහල් ආනයනය කළහොත් ඒවා යළි හරවා යවන බව වෙළඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ සහල් ආනයනයට ලබා දුන් කාලය ලබන 10 වැනිදා මධ්‍යම රාත්‍රී 12න් අවසන් වන බවයි.

වෙළෙඳපොළේ පවතින සහල් හිඟය හේතුවෙන් සහල් ආනයනය කිරීමට රජය ගත් තීරණය අනුව මේ වන විට පුද්ගලික අංශය මගින් සහල් මෙට්‍රික් ටොන් 75,000ක් ආනයනය කර තිබෙනවා.

මේ දක්වා ආනයනය කර ඇති සහල් මෙට්‍රික් ටොන් 75,000 අතර, කැකුලු‍ සහල් මෙට්‍රික් ටොන් 32,000ක් සහ නාඩු සහල් මෙට්‍රික් ටොන් 43,000ක් අඩංගු වන බවයි වාර්තා වෙන්නේ.