එජාප මහා ලේකම් ධුරය තලතාට

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබෙනවා.

අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බවයි එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේ.