ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද (28) පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කෙසේවෙතත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 172ක් රැස්කිරීමට සමත් විය.
ඔවුන්ගේ ආරම්භක පිතිකරු යුගලය වූ ටිම් රොබින්සන් හා රචින් රවින්ද්‍රා මුලු ලකුණ 21දී දවාගැනීමට බිනුර ප්‍රනාන්දුට හැකිවිය.
එමෙන්ම එම ආරම්භය තවදුරටත් සාර්ථක කරගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නවසීලන්ත ලකුණු පුවරුව 65ක් වද්දී ඉදිරිපෙළ පිතිකරුවෝ පස් දෙනෙකුම යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට කටයුතු කළේය.
කෙසේ නමුත් 6වන අඩුල්ලට එක් වූ මිචෙල් බ්‍රේස්වෙල් හා ඩැරිල් මිචෙල් පන්දු 60කින් ප්‍රහාරාත්මක ලකුණු 105ක සබඳතාවක් ගොඩනගා නවසීලන්ත ලකුණු පුවරුව ඔසවා තැබීමට දායක වූහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු (2/22), මහීෂ් තීක්ෂණ (2/29) හා වනිඳු හසරංග (2/33) කඩුලු 2 බැගින් දවාගත්හ.

